Sunday, November 11, 2018

නිරුවත

ඔහුට හිමිකම් ඇති
ඔබට සෙනෙහස දුන්න
නොකී කතාවක
එක් පිටුවක්

Monday, September 10, 2018

අතරමං වූ සිත

ආ මග දනිමි
යායුතු මගද දනිමි 
එනමුදු 
අතරමං වන්නට පුලුවන්ද 
එක මොහොතක් 
අවැසි නැති මගක?

Monday, August 27, 2018

Friday, August 17, 2018

නොලියු කවි 2

ඔහු :
දොරගුලු හැරලමු අප දෙහදේ
හිනැහෙමු පෙර අපි පැතූ ලෙසේ
කිසිවෙකු නොදකින නිහඬ පැයේ
තනිවෙමු මොහොතක්.. අපේ ලොවේ..

ඇය:
දොරගුලු ලන්නට සියලු පැතුම්,
අවසර දෙනවද නොවි පමා,
කිසිවෙකු නොහඳුන ස්නේහ පැතුම්,
සිර කර හිනැහෙමි සදා මෙමා.

නොලියු කවි 1

ඔහු:
ගිමන් නිවන්නට ජීවිතයේ,
යලි කෙදිනද ඉඩ සැලසෙන්නේ..
නොදනිමු එය අප, නොවී පමා
පියවර මැන යමු..
යොදුන් ගෙවා..

ඇය:
ගිමන් නිවන දිනක්
යලිත් කිසිදා නොඑන බව
දැන දැන,
යොදුන් ගනන් ඇවිද ගිය මංමාවත් ඇසුවා මගෙන්
පමා කිමද කියා . .
දැන උන්නා නම් එය සිහිනයක්ම බව ...

කෑදරකම

උඹේ ආදරයම කෑදරකමක් හැබැයි මම උඹේ ආදරයට කෑදරයි