I don't do mistakes ...
I am the mistake
ඔහු :
දොරගුලු හැරලමු අප දෙහදේ
හිනැහෙමු පෙර අපි පැතූ ලෙසේ
කිසිවෙකු නොදකින නිහඬ පැයේ
තනිවෙමු මොහොතක්.. අපේ ලොවේ..
ඇය:
දොරගුලු ලන්නට සියලු පැතුම්,
අවසර දෙනවද නොවි පමා,
කිසිවෙකු නොහඳුන ස්නේහ පැතුම්,
සිර කර හිනැහෙමි සදා මෙමා.
ඔහු:
ගිමන් නිවන්නට ජීවිතයේ,
යලි කෙදිනද ඉඩ සැලසෙන්නේ..
නොදනිමු එය අප, නොවී පමා
පියවර මැන යමු..
යොදුන් ගෙවා..
ඇය:
ගිමන් නිවන දිනක්
යලිත් කිසිදා නොඑන බව
දැන දැන,
යොදුන් ගනන් ඇවිද ගිය මංමාවත් ඇසුවා මගෙන්
පමා කිමද කියා . .
දැන උන්නා නම් එය සිහිනයක්ම බව ...
උඹේ ආදරයම කෑදරකමක් හැබැයි මම උඹේ ආදරයට කෑදරයි