Friday, February 10, 2017

නුඹ ඉන්නවාද?



යන්න එපා
ඉන්න ...
ඔහු හිතන්න ඇති
ෆැන්ටසි කෙල්ලෙක් කියා


අත්හැරීම ......


10/02/2017


Saturday, December 17, 2016

කාලය කෙතරම් නපුරුද



දෑත් පටලා ඇවිද ගිය මංමාවත්
හඩාවී .......
සෙනෙහසින්
දළු ලෑ මහා වෘක්ෂයෝ වැලපේවි
දැන උන්නානම්
ඇය ඔබට සැනසීමක් බව 


2016/12/17
~හෂී~





Friday, January 1, 2016

අපේ ආදරේ

ඔබ ඔබම වු,
මම මා ද වු,
අපි අපේ නොවු,
සිහිනයකි...

2016/01/01
~හෂී~

දරදඬු ආදරේ

ආදරය,සෙනෙහස,..තේරැම් ගන්න අපහසු එකිකෙට ගැටෙන අරැතක් නැති හිස් වචන වගේ.මේ සටහනට පසුබිම් වන සිද්ධීන් කිහිපයක් තිබෙනවා .සමහරවිට මේ සටහනට  තියන මම, මේ දේවල්හි අරැතක් සොයනවා වෙන්නත් පුලුවන්...
තේරැම් ගන්න ගොඩාක් අපහසු චරිතයක් ...එත් ඒ පුද්ගලයා දරදඬු කෙනෙකු විදිහටම මට පළමු වචනෙන්ම කියනවාට වඩා සෙනෙහෙබර චරිතයක් විදිහට හදුන්වන්න කැමති. " පියෙක් "...සෙනෙහෙබර  පියෙක් . නමුත් දරදඬු  පියෙක්. තවත් විටෙක සෙනෙහෙබර  "සැමියෙක්"...නමුත් දරදඬු  සැමියෙක් ...
තවත් දිනෙක  මට මුණගැසෙනවා  පෙම්වතෙක්..සෙනෙහෙබර  පෙම්වතෙක් ...නමුත්....දරදඬු  පෙම්වතෙක් ...
පිරිමියා...පිරිමිකම දකින්නෙ දේවත්වයෙන් කියල විටෙක මට දැනෙනවා.නමුත් මෙය කියවන ඔබ ඊට  විරුද්ධ  වෙනවා නොඅනුමානයි ."ගෑණියෙක් වෙලා ඉපදෙන්නෙ පව් කලාම".මගේ කන් අග දෝංකාර දෙනවා... ඇය ලෝකෙට ඡීවයක් දෙන උතුම් චරිතයක්..පිරිමියෙක්ට සැනසීමක් දෙන දිය උල්පතක්... සෙනෙහසක්, උණුහුමක් දෙන්න ඇයටත් පුලුවනි... දරදඬු පිරිමියෙකුට සෙනෙහෙබර කාන්තාවන්  අවශ්‍යයි . දරදඬු  කාන්තාවකට සෙනෙහෙබර  පිරිමියෙකු අවශ්‍යයි .නමුත්...දරදඬු  කාන්තාවකට  දරදඬු  පිරිමියෙකු  මුණගැසුනොත්.....ආදරය කියන සරල වචනය විතරක් ප්‍රමාණවත් ද? මං මගෙන්ම ප්‍රශ්න  කරගන්නවා...

"ඔය ගෑනිට මං කියන ඒවා තේරැම් ගන්න බෑ" , "කතා කලොත් නහයෙන් අඩනවා"

" එයාට මං දෙයියෙක්ට වගේ සැලකුවේ.කවදා මාව තේරැම් ගනීද? "


ඡීවිතේ හරිම සරලයි...ඔබ ඔබව තේරැම් ගන්නවානම්...ගැහැනියකු හෝ පිරිමියෙකු  වෙිවා අන් අයට ඔබ ගරු කරනවානම්...කෙනෙකුගේ ඕනෑ ඒපාකම් ඔබට තේරුම්ගත හැකිනම්..තව කෙනෙකුගේ සතුට ඔබෙ සතුට කරගත හැකිනම්...

ඔබේ සතුට නිර්මාණය කරන්නේ ඔබ විසින්මයි...

2016/01/01
~හෂී~



Wednesday, December 23, 2015

අන්තවාදියා





මිනිස්සෙක් මෙලොව එලිය දකින්නෙ ලේබල් කරපු පෙට්ටියක් වගේ.ජාතිය,ආගම,නම,ගම,කුලය ලේබල් කරලා.ඒ ලේබලය අලවන් මුලු ඡීවිත කාලයම අපි අපි වෙනුවෙන්, අපේ ඡීවිත වෙනුවෙන් සටන් කරනවා. ආගම... හිතේ සැනසීම ඇතිකරන ඇදහිල්ලක් මිසක් ගස් ගල් පිළිම වලට වදිමින් තවකෙකුට අපහාස කරන කලාවක් නොවෙයි. මේ ලේබල් ඔක්කොම අයින් කරල ආයෙමත් හැරිල බැලුවොත්?? ඔබට පෙනේවි ඔබ ඉන්නෙ කොතනද කියලා. තාම ගල් යුගයේද? එසේත් නැතිනම් ඊට වඩා දියුනු සමාජයකද කියලා..
~හෂී~

Sunday, December 20, 2015

සෙනෙහස






සුපුරුදු සෙනෙහසේ
තවත් පිටුවක් ලියමි
නුපුරුදු තනිකමෙන්
ආදරේ වර්ෂාවේ...

කෑදරකම

උඹේ ආදරයම කෑදරකමක් හැබැයි මම උඹේ ආදරයට කෑදරයි